මෙටා සමාගමෙන් ඕස්ට්‍රේලියාවට වාරණයක්

මෙටා සමාගමෙන් ඕස්ට්‍රේලියාවට වාරණයක්

තවදුරටත් ඕස්ට්‍රේලියානු මාධ්‍ය සමාගම්වලට ප්‍රවෘත්ති සඳහා ගෙවීම් සිදු නොකරන බව මෙටා (Meta) සමාගම අද ප්‍රකාශ කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය (NDTV) පවසන්නේ ජනතාව ප්‍රවෘත්ති සහ දේශපාලන අන්තර්ගතයන් සඳහා ෆේස්බුක් වෙත නොපැමිණෙන බව පවසමින් එම සමාගම අදාල තීරණය ගෙන ඇති බවයි.

කෙසේ වෙතත් ඕස්ට්‍රේලියාවේ සන්නිවේදන අමාත්‍ය මිෂෙල් රෝලන්ඩ් මහත්මිය,මෙටා සමාගමේ අදාළ නිවේදනය පිළිබද සිය අප්‍රසාදය පල කර ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කළා.

එමෙන්ම වැඩිදුරටත් ඇය සදහන් කලේ අධිකරණ ගණනාවක ප්‍රවෘත්ති අන්තර්ගතයන් සඳහා තවදුරටත් ගෙවීම් සිදු නොකිරීමට මෙටා සමාගම ගත් තීරණය එරට ප්‍රවෘත්ති මාධ්‍යවල තිරසාරභාවය සඳහා බලපෑම් සිදු කරන බවයි.

Share This