මෙටා සමාගමේ සේවකයින් 10,000 ක් ඉවතට

මෙටා සමාගමේ සේවකයින් 10,000 ක් ඉවතට

ෆේස්බුක්, ඉන්ස්ටග්‍රෑම් සහ වට්ස්ඇප් හි හිමිකාරීත්වය දරන මෙටා සමාගමේ සේවකයින් 10,000 ක් පමණ ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

පසුගිය නොවැම්බර් මාසයේදී ද මෙටා සමාගම ඊට අනුබද්ධිත සමාගම්වල සේවකයින් 11,000 ක් ඉවත් කර තිබුණා.

රැකියාවලින් 10,000 ක් ඉවත් කිරීමට අමතරව පුරප්පාඩු 5,000 ක් කිසිඳු සේවකයෙකු බඳවා ගැනීමකින් තොරව එලෙසම තැබීමට ද තීරණය කර තිබෙනවා.

2022 වසරේ දෙසැම්බර් වන විට මෙටා සමාගමේ ඉපැයීම් 4% කින් පහත වැටුණු අතර ඉහළ පොලී අනුපාත, ගෝලීය දේශපාලන අස්ථාවරත්වය සහ නියාමනය වැඩි කිරීම මෙම තත්ත්වයට හේතු වී ඇති බවයි මෙටා සමාගම සඳහන් කර ඇත්තේ.

මෙම ආර්ථික අර්බුද තවත් වසර කිහිපයක්ම පවතින බැවින් ඊට දැන් සිටම සූදානම් විය යුතු බව එම සමාගම ප්‍රකාශ කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙටා සමාගමේ ප්‍රධාන විධායක මාර්ක් සකර්බර්ග් ප්‍රකාශ කර ඇත්තේ ආයතනයේ කාර්යක්ෂමතාවය ඉහළ දැමීමේ අරමුණින් මෙම අසීරු තීරණය ගත් බවයි.

Share This