මෙතෙක් සිදුකළ LPL වෙන්දේසියේදී ක්‍රීඩකයින්ට හිමිවූ තැන

මෙතෙක් සිදුකළ LPL වෙන්දේසියේදී ක්‍රීඩකයින්ට හිමිවූ තැන


ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය මේ වන විට ආරම්භ වී තිබෙනවා.

තරගාවලියේ ක්‍රීඩක වෙන්දේසිය සදහා දේශීය සහ විදේශීය ක්‍රීඩකයින් 420 දෙනෙකු ඉදිරිපත් කෙරෙන අතර ඉන් 154 දෙනෙකු දේශීය ක්‍රීඩකයින් වන බව සඳහන්.

මෙවරත් LPL ක්‍රීඩක වෙන්දේසිය මෙහෙයවන්නේ ප්‍රසිද්ධ වෙන්දේසිකරුවෙකු වන චාරු ශර්මා විසින්.

ඒ අනුව LPL ක්‍රීඩක වෙන්දේසියේ දී ධනංජය ද සිල්වා Jaffna Kings කණ්ඩායම විසින් මිලදී ගත්තා.

ඒ, අමෙරිකානු ඩොලර් 50,000ක මුදලකටයි.

මීට අමතරව RILEE ROSSOUW අමෙරිකානු ඩොලර් 60,000ක මුදලකට Jaffna Kings කණ්ඩායම විසින් හිමි කර ගත්තා.

B LOVE KANDY කණ්ඩායම විසින් අශේන් බණ්ඩාර, දිනේෂ් චන්දිමාල්, දසුන් ශානක මිලදී ගත් අතර GALLE MARVELS කණ්ඩායම විසින් ජනිත් ලියනගේ, සහන ආරච්චිගේ, ලහිරු කුමාර, අකිල ධනංජය යන ක්‍රීඩකයින් මිලදී ගෙන ඇති බව සඳහන්.

එමෙන්ම COLOMBO STRIKERS විසින් දුනිත් වෙල්ලාලගේ, Rahmanullah Gurbaz, Taskin AHMED යන ක්‍රීඩකයින් මේ වන විට මිලදී ගෙන ඇති අතර DAMBULLA THUNDERS කණ්ඩායම ධනුෂ්ක ගුණතිලක සහ Iftikhar Ahmed යන ක්‍රීඩකයින් මිලදී ගත්තා.

Share This