මෙම වසරේ වැඩිම අපනයන ආදායම අගෝස්තු මාසයේදී

මෙම වසරේ වැඩිම අපනයන ආදායම අගෝස්තු මාසයේදී

මෙම වසරේ මෙතෙක් වාර්තා වූ ඉහළම මාසික අපනයන ආදායම අගෝස්තු මාසයේදී වාර්තා කර තිබෙනවා.

ඒ අනුව අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 1119ක් වන බවයි ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

කෙසේවෙතත් එම අගය පසුගිය වසරේ අගෝස්තු මාසයේදී ඉපැයූ අපනයන ආදායමට සාපේක්ෂව 8.7%ක අඩුවීමක් බව සඳහන්.

අඛණ්ඩව විදේශීය ඉල්ලුම පහළ යෑම හේතුවෙන් ප්‍රධාන වශයෙන් ඇඟලුම් ඇතුළු කාර්මික භාණ්ඩ අපනයන ආදායමෙහි පහළ යාම අපනයන ආදායම අඩු වීමට හේතු වී තිබෙනවා.

එමෙන්ම 2023 වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ මෙරට අපනයන ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 8,010ක් ලෙසයි වාර්තා වී ඇත්තේ.

එය 2022 වසරේ අදාළ කාලයට සාපේක්ෂව 10.1%ක අඩුවීමක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේ.

Share This