
මෙරට ආහාර සුරක්‍ෂිතතාවයට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ දායකත්වය
ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම උදෙසා කෘෂි ව්‍යාපෘති ක්‍රියාත්මක කරමින් රට තුළ ආර්ථික සංවර්ධනය නගා සිටුවීම සඳහා සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සුවිශේෂී දායකත්වයක් දක්වනු ලබනවා
ඒ අනුව පසුගිය වර්ෂයේ මහ කන්නයේදී දිවයිනේ විවිධ ප්‍රදේශවලට අයත් අක්කර 4471 ක වී වගාව සිදු කිරීමෙන් ලබා ගත් අස්වැන්න වී කිලෝග්‍රෑම් ලක්ෂ 16කට ආසන්න ප්‍රමාණයක් මේ වන විට සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු බලකායන්ට අයත් වී ගබඩා වල ගබඩා කර ඇති බව සඳහන්
සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තු අධ්‍යක්‍ෂ ජනරාල් මේජර් ජෙනරල් කේඑපිපී ප්‍රනාන්දු (විශ්‍රාමික) ගේ උපදෙස් හා මඟපෙන්වීම මත සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ සියලුම වී අස්වනු ලක්වැසියන්ගේ පරිභෝජනය සඳහා රජයේ පාලන මිල ගණන් යටතේ සමුපකාර තොග වෙළඳ සංස්ථාව වෙත ලබා දීම දැනට සිදුකරමින් පවතිනවා
මීට අමතරව අක්කර 305 ක පමණ භුමි ප්‍රමාණයක බඩඉරිඟු වගා කර ඇති අතර එම වගාවන්ගේ අස්වනු නෙලීම ද මේ වනවිට ආරම්භ කර කිරීමටයි පියවර ගෙන ඇත්තේ
ආර්ථික භෝගයක් වශයෙන් පොල් ද අතුරු භෝග වශයෙන් පළතුරු සහ එළවළු මෙන්ම කුරක්කන්, තල ආදී ධාන්‍ය වර්ග ද වගා කර වෙළඳ පොළට නිකුත් කරමින් ශ්‍රී ලංකාව තුළ ආහාර සුරක්ෂිතතාවය ඇති කිරීම වෙනුවෙන් සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුව සිය උපරිම දායකත්වය ලබාදෙමින් සිටිනවා