මෙරට කොවිඩ් ආසාදිතයින් වැඩිපිරිසකට ඔක්සිජන් ඕනෑ වේ -සෞඛ්‍ය බලධාරීන්ගේ පැහැදිලි කිරීම මෙන්න
කලින් වාර්තා වූ කොවිඩ් අසාදිතයන්ට වඩා මේ දිනවල වාර්තා වන අසාදිතයන්ගෙන් වැඩි ප්‍රතිශතයක් කොවිඩ්-19 රෝග ලක්ෂණ පෙන්නුම් කරන බව නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා අවධාරණය කරනවා
එමෙන්ම අසාදිතයන්ගෙන් වැඩි ප්‍රමාණයකට ඔක්සිජන් අවශ්‍යතාවක් පවතින බවයි විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා සඳහන් කරන්නේ
මෙම තත්ත්වය යටතේ ඇතැම් රෝහල්වල සැලසුම් කර තිබූ ඉඩකඩ බොහෝදුරට සංතෘප්තව ඇති බවට වාර්තා වී ඇතැයි වෛද්‍යවරයා පවසනවා
එමෙන්ම සෑම රෝහලකම හැකි අයුරින් ඉඩ පහසුකම් වැඩි කිරීමට කටයුතු කරනු ලබනවා
දැඩි සත්කාර හෝ වෙනත් විශේෂිත ප්‍රතිකාර අවශ්‍ය නොවන රෝගීන් රෝහල්වලින් ඉවත් කිරීමට කටයුතු කරනවා
එමගින් එම ප්‍රතිකාර සේවාවන් තවත් රෝගීන්ට ලබා ගැනීමට හැකියාව පවතින බවත්, විශේෂඥ වෛද්‍යවරයා සඳහන් කරනවා
ඉදිරියේදී ජනතාව වගකීමෙන් කටයුතු කරනවා නම් පනවා ඇති සෞඛ්‍ය මාර්ගෝපදේශ ලිහිල් කිරීමට හැකි වනවා ,
එසේ නොවුණහොත් ලිහිල් කිරීමට නොව ඇතැම්විට තවදුරටත් නීති දැඩි කිරීමට හේතු පාදක විය හැකි බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් අවධාරණය කරනවා
ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද මේ පිළිබඳව අවධානය යොමු කෙරුණා