මෙරටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය කෘෂිකාර්මික බල ප්‍රදේශ හයකින් නිපදවීමට සැලසුම්

මෙරටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය කෘෂිකාර්මික බල ප්‍රදේශ හයකින් නිපදවීමට සැලසුම්

මෙරටට අවශ්‍ය සමස්ත සහල් ප්‍රමාණය වී වගා කරන ප්‍රධානතම කෘෂිකාර්මික බල ප්‍රදේශ හයකින් නිෂ්පාදනය කිරීමේ වැඩ පිළිවෙළක් කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍යංශය විසින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබෙනවා.

මෙම වැඩ පිළිවෙළ 2024 මහ කන්නයේ සිට ආරම්භ කිරීමට නියමිතයි.

ඒ අනුව දැනට වැඩිම වී අස්වැන්නක් රටට ලබා දෙන අනුරාධපුරය, හම්බන්තොට, පොළොන්නරුව, මහනුවර, අම්පාර හා මොණරාගල කෘෂිකාර්මික බලප්‍රදේශවල කුඹුරු ආශ්‍රිතව වැඩිම අස්වැන්නක් ලබා ගැනිමේ වැඩ පිළිවෙළ ආරම්භ කිරීමට කටයුතු කර ඇති බව සඳහන්.

වගා කන්න හයක් තුළ මෙට වී නිෂ්පාදනය දෙගුණයක් දක්වා වැඩි කිරීම මෙම වැඩ පිළිවෙලෙහි අරමුණ බවයි වාර්තා වන්නේ.

Share This