මෙල්බර්න් බස් රථ අනතුරකින් පාසල් සිසුන් පිරිසකට තුවාල

මෙල්බර්න් බස් රථ අනතුරකින් පාසල් සිසුන් පිරිසකට තුවාල

ඕස්ට්රේලියාවේ මෙල්බර්න් නුවර සිදු වූ බස් රථ අනතුරකින් පාසල් සිසුන් පිරිසක් තුවාල ලබා තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ ප්රාථමික අංශවල පාසල් සිසුන් 45 දෙනෙකු පමණ එම බස් රථයේ ගමන් කරමින් සිට ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා පැවසුවේ.
බරපතල තුවාල ලැබූ වයස අවුරුදු 5 සිට 11 දක්වා සිසුන් 18 දෙනෙකු රෝහල්ගත කර ඇති අතර එක් සිසුවෙකුගේ තත්ත්වය බරපතල බව සඳහන්.
එම බස් රථයේ පිටුපසින් ට්රක් රථයක් ගැටීම හේතුවෙන් සිසුන් පිරිස ගමන් ගත් බස් රථය පෙරළී ගොස් ඇති බවයි විදෙස් මාධ්ය වාර්තා සඳහන් කළේ
එමෙන්ම සුළු තුවාල ලැබූ 49 හැවිරිදි ට්රක් රථ රියදුරුට අනතුරුදායක ලෙස රිය පැදවීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී තිබෙනවා.
Share This