මෙවර එවරස්ට් කඳු තරණය සඳහා බලපත්‍ර 454ක්

මෙවර එවරස්ට් කඳු තරණය සඳහා බලපත්‍ර 454ක්

මේ වසන්තයේ එවරස්ට් කඳු තරණය සඳහා බලපත්‍ර 454ක් නිකුත් කර ඇති බව නේපාල බලධාරීන් පවසනවා.

ලොව උසම කඳු මුදුනේ අධික තදබදය හේතුවෙන් මරණ හතරක් සිදුවී වසර හතරකට පසුව නේපාල රජය විසින් මෙවර බලපත්‍ර 454ක් නිකුත් කරඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

එවරස්ට් කඳු මුදුන තරණය කිරීමට දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇති වැඩිම බලපත්‍ර සංඛ්‍යාව මෙය වන බවත් එම සංඛ්‍යාව තවදුරටත් ඉහළ යා හැකි බවත් එරට සංචාරක දෙපාර්තමේන්තුවේ බිග්යන් කොයිරාල සඳහන් කරනවා.

කඳු නගින්නන් බොහෝ දෙනෙක් නේපාල මාර්ගෝපදේශකයෙකුගේ සහාය ඇතිව එවරස්ට් කඳු මුදුනට යාමට උත්සාහ කරන බැවින්, අප්‍රේල් සිට මැයි දක්වා කඳු නැගීමේ සමයේදී කඳු නගින්නන් 900ක් පමණ කඳු මුදුනට ගමන් කරන බව සඳහන් වනවා .

2019 දී, කන්ද තරණය කිරීමට පැමිණි කණ්ඩායම්වලට අධික සීතලේ දිගු පෝලිමක රැඳී සිටීමට සිදුවූ අතර ඇතිවන ප්‍රමාදය කඳු නගින්නන්ගේ ඔක්සිජන් මට්ටම අඩු කරන අතර එය අසනීප තත්ත්වයන් ඇතිවීමට හේතුවනවා.

මෙම වාරයේ කඳු නගින්නන්ගේ බලපත්‍ර 96ක් චීනයෙන් ලබාගෙන ඇති අතර එක්සත් ජනපදය බලපත්‍ර 87ක් ලබාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

නේපාලය ලෝකයේ උසම කඳු 10න් අටකට නිවහන වන අතර එහි කඳුකරයට ඇදී එන විදේශීය කඳු නගින්නන් රටට ප්‍රධාන ආදායම් මාර්ගය වනවා.

නේපාල රජය එක් විදේශීය කඳු නගින්නෙකුගෙන් ඩොලර් 11,000 ක් අය කරන අතර මෙවර එවරස්ට් බලපත්‍රවලින් ඩොලර් මිලියන 4.86 ක් එකතු කරඇති බව විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරනවා.

Share This