මෙවර ලෝක ළමා දින සතියක්

මෙවර ලෝක ළමා දින සතියක්

ඔක්තෝම්බර් 01 වෙනිදාට මෙතෙක් සමරමින් තිබුණු ජාත්‍යන්තර ළමා දිනය වෙනුවෙන් මෙම වසරේ ළමා දිනය වෙනුවෙන් ජාතික සතියක් (සැප්තැම්බර් 26 වැනිදා සිට ඔක්තෝම්බර් 01 වනදා දක්වා ) ප්‍රකාශයට පත්කරන බව කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මහත්මිය පවසනවා.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය මේ බව පැවසුවේ ජාතික ළමා දිනයක් ප්‍රකාශයට පත් කිරීම පිළිබඳව අද (23) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින්.

මෙවර ජාතික ළමා දිනය සමරන ජාත්‍යන්තර සතියේදී ජනාධිපතිතුමාගේ ප්‍රධාන සංකල්පයකට අනූව මෙවර ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය හා සමගාමීව සහයෝගය හා දායකත්වය ලැබී ඇති බව අමාත්‍යවරිය සදහන් කළා.

අමාත්‍යවරිය සදහන් කළේ අධ්‍යාපන අමාත්‍යංශය, සෞඛ්‍ය අමාත්‍යංශය, පාසල්, පොලීසිය ආදී සියලු ආයතන සහ ප්‍රවාහන අමාත්‍යංශය ආදී අමාත්‍යංශ සමග ඒ්කාබද්ධව දරුවන්ට හොඳ රටක් සෑදීමට සියලුම ආකාරයේ මැදිහත්වීම් සිදුකරන බවයි.

සැප්තැම්බර් 26 වනදා සිට ඔක්තෝම්බර් 01 දක්වා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර මෙම ජාතික ළමා දින සතිය ප්‍රකාශයට පත්කිරීමට අවසරය ගෙන ඇති බවද සුරක්ෂිත ළමා ලෝකයක් නිර්මාණශීලී අනාගත පරපුරක් යනුවෙන් ජාතික ප්‍රතිපත්ති මාළාවේ පැවති තේමාවත් සමග මෙවර ළමා දිනයට තේමාවක් ලබාදී ඇති බවට ද අමාත්‍ය සරෝජා පෝල්‍ රාජ් මහත්මිය අවධාරණය කළා.

ඒ් අනූව මෙවර ළමා දිනයේ තේමාව වනුයේ “ආදරයෙන් සුරකින්න අපට ලොව දිනන්නට” යන්නයි.

 

Share This