මෙහෙම ගියොත් එන සංචාරකයොත් නැති වෙයි

මෙහෙම ගියොත් එන සංචාරකයොත් නැති වෙයි

මෙරටට පැමිණෙන ඇතැම් සංචාරකයින්ගෙන් සිදුවන ක්‍රියා හේතුවෙන් රට අපකීර්තියට පත්වන බව ජාතික සංචාරක මාර්ගෝපදේශක ආයතනය පවසනවා.

මේ අතර විදේශීය ආකාර්ෂණය දිනාගත් අහංගම කබලාන වෙරළ තීරයේ ස්ර්ෆින් ආශ්‍රිත සේවා සපයන පුද්ගලයින්ද මේ වන විට තම වෘත්තීය කරගෙන යාමට නොහැකිව ගැටලු රැසකට මුහුණ පා සිටිනවා.

ගාල්ල දිස්ත්‍රික්කයට අයත් වෙරළ තීරයට විදෙස් ආකර්ෂණය දිනාගත් ස්ථාන අතරින් සුවිශේෂී ස්ථානයක් හිමිකර ගන්නවා.

ඒ අතර අහංගම කබලාන වෙරළ තීරය සුවිශේෂී වන්නේ විදේශිකයින් සඳහා සර්ෆින් පුහුණු කටයුතු සහ ඒ ආශ්‍රිත කටයුතු සිදුවීම හේතුවෙන්.

නමුත් මෙම වෙරළ තීරයේ ඉවත් වන ලෙසට වෙරළ සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අදාළ සේවයේ නියතු පුද්ගලයින්ට දන්වා සිටීම හේතුවෙන් ඔවුන් දැඩි ලෙස පීඩාවට පත්ව සිටිනවා.

 

 

Share This