මේ වසරේ මස 6 ට කටුනායක ගුවන් ගමන් වාර සියයට 16 කින් වැඩි වෙලා

මේ වසරේ මස 6 ට කටුනායක ගුවන් ගමන් වාර සියයට 16 කින් වැඩි වෙලා

බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපල හි පළමු මාස 06 තුල ගුවන් ගමන් වාර සියයට 16ක වර්ධනයක්..

2024 වසරට සාපේක්ෂව මේ වසරේ ගුවන්ගමන් වාර වල සියයට 16ක වර්ධනයක් පෙන්නුම් කර ඇතැයි රවාහන,මහාමාර්ග,වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යාංශය පවසනවා.

එම අමාත්‍යාංශය පවසන්නේ ජාත්‍යන්තර ගුවන්ගමන් වාරවල සියයට 17 ක පමණ වර්ධනයක් පෙන්නුම් කරනු ලබන අතර දේශීය ගුවන්ගමන් වාරවලද සියයට 10 ක වර්ධනයක් පෙන්නුම් කර ඇති බවයි.

ජාත්‍යන්තර ගුවන් ගමන් වාර වල වර්ධනයේ වැඩිම අගය මාර්තු මාසයේ පෙන්නුම් කර තිබෙනවා.

දේශීය ගුවන් ගමන් වාර වර්ධනයේ වැඩිම අගය ජුනි මාසයේ පෙන්නුම් කරනු ලබන අතර එය 2024 වසරට සාපේක්ෂව සියයට 38 වර්ධනයක්.

ගුවන් තොටුපොල අධිකාරිය පවසන්නේ ඉදිරි සංචාරක සමය ආරම්භයත් සමග ගුවන් ගමන් වාර තව දුරටත් පුළුල් කිරීමට බලාපොරොත්තු වන බවයි.

 

Share This