මොරොක්කෝවේ ප්‍රබල භූ කම්පනයක් – 300ක් මරුට

මොරොක්කෝවේ ප්‍රබල භූ කම්පනයක් – 300ක් මරුට

මොරොක්කෝවට බලපෑ ප්‍රබල භූ කම්පනයකින් පුද්ගලයන් 300කට ආසන්න පිරිසක් මියගොස් තිබෙනවා.

රිච්ටර් මාපක 6.8ක ප්‍රබලත්වයකින් යුතුව භූ කම්පනය හටගෙන ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

භූ කම්පන තත්ත්වයෙන් තවත් පුද්ගලයන් 153 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මොරොක්කෝවේ Marrakesh සිට නිරිත දෙසින් කිලෝමීටර් 71ක් ඔබ්බෙන් වූ High Atlas කඳුකරයේ කිලෝමීටර් 18.5ක් ගැඹුරින් මෙම භූ කම්පනය හටගෙන ඇති බව සඳහන්.

භූ කම්පනයෙන් එරට ගොඩනැගිලි රැසකටද හානි සිදුව තිබෙනවා.

සුන්බුන් අතර සිර වී සිටින පුද්ගලයින් සොයා සෝදිසි මෙහෙයුම් ද ආරම්භ කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This