මොරොක්කෝවේ භූමිකම්පාවෙන් හානියට පත් නිවාස යළි ගොඩනැගීමට අරමුදල් සැපයේ

මොරොක්කෝවේ භූමිකම්පාවෙන් හානියට පත් නිවාස යළි ගොඩනැගීමට අරමුදල් සැපයේ

පසුගිය සතියේ ඇති වූ භූමිකම්පාවෙන් හානියට පත් නිවාස 50,000ක් පමණ යළි ගොඩනැගීම සඳහා අරමුදල් සැපයීමට සැලසුම් කර ඇති බව මොරොක්කෝ බලධාරීන් නිවේදනය කර තිබෙනවා

සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති නිවාස ප්‍රතිසංස්කරණය කිරීම සඳහා ඔවුන් ඩොලර් 13,000 කට වඩා ලබා දෙන අතර අර්ධ හානි වූ නිවාස සඳහා ඩොලර් 8,000 ක් ලබා දීමටයි තීරණය කර ඇත්තේ

එමෙන්ම නිවැසියන්ට සීතල කාලගුණයට ඔරොත්තු දෙන තාවකාලික නිවාස ලබා දෙනු ඇති අතර සෑම නිවසකටම ඩොලර් 3,000 ක ප්‍රදානයක් ලැබෙනු ඇති බවයි පැවසෙන්නේ

නිවාස අහිමි වූ පුද්ගලයින්ගේ නිශ්චිත සංඛ්‍යාවක් පිළිබඳව ගණනයක් තවමත් නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

රිච්ටර් මාපකයේ 6.8 ක ප්‍රබලත්වයෙන් ඇතිවූ මෙම භූමිකම්පාවෙන් පුද්ගලයන් 3,000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් ඇති අතර 5,000 කට වැඩි පිරිසක් තුවාල ලැබුවා

 

 

Share This