මොසැම්බික් රාජ්‍යයට අවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙකු ඝාතනය කරයි

මොසැම්බික් රාජ්‍යයට අවශ්‍යව සිටි ත්‍රස්තවාදියෙකු ඝාතනය කරයි

මොසැම්බික් රාජ්‍යයේ උතුරු ප්‍රදේශයේ සටන් වදින ඉස්ලාමීය රාජ්‍යයට සම්බන්ධ ජිහාඩ් කණ්ඩායමක නායකයාව එරට සන්නද්ධ හමුදා විසින් ඝාතනය කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

2017 දී ගැටුම ආරම්භයේ සිට කැරලිකරුවන්ට නායකත්වය ලබා දුන්නේ දුන්නේ බොනොමඩ් මචුඩේ ඕමාර් – එනම් ඉබ්න් ඕමාර් බවයි මොසැම්බික් රාජ්‍යයේ ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

ජිහාඩ් කණ්ඩායමේ නායකයා සමග තවත් ජ්‍යෙෂ්ඨ සාමාජිකයින් දෙදෙනෙකුවද ඝාතනය කර තිබෙනවා.

වසර දෙකකට පෙර, එක්සත් ජනපදයේ රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් ඕමාර් ත්‍රස්තවාදී නායකයෙකු ලෙස නම් කර තිබෙනවා.

ඕමාර් පල්මා හි හෝටලයකදී මිනිසුන් සිය ගණනක් ඝාතනය කිරීම ඇතුළුව, කබෝ ඩෙල්ගාඩෝ පළාතේ සිදු වූ ප්‍රහාර සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී ඇති බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

උතුරු මොසැම්බික් හි තිබූ ප්‍රචණ්ඩත්වය හේතුවෙන් මිලියනයකට වැඩි පිරිසකට තම නිවෙස්වලින් පලා යාමට සිදු වී ඇති බවද එක්සත් ජාතීන්ගේ සංවිධානය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

Share This