මොසැම්බියාවේ අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු ජීවිතක්ෂයට
මොසැම්බියාවේ දකුණු ගාසා පළාතේ අකුණු සැර වැදීමෙන් පුද්ගලයන් පස් දෙනෙකු මිය ගොස් තවත් 15 දෙනෙකු දැඩි සුළං සහ ගිගුරුම් සහිත වැසි නිසා බරපතල තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එරට ආපදා අවදානම් අවම කිරීම සහ කළමනාකරණය පිළිබඳ ජාතික ආයතනයේ ප්‍රකාශක Bonifacio Cardoso ගිගුරුම් සහිත වැසි ඇති වන විට නිවෙස් තුළට වී සිටීම ඇතුළු පූර්වාරක්ෂක පියවර ගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.
පැය 24ක් පුරා පැවති අධික වර්ෂාවෙන් නිවාස 5000ක් ද විනාශ වී ඇති අතර සෞඛ්‍ය මධ්‍යස්ථාන 6ක් අර්ධ වශයෙන් ජලයෙන් යටවී ඇති බවද] ඔහු සඳහන් කරනවා.
වැසි සහ සුළි කුණාටු නිසාවෙන් ඇතිවන ගංවතුර නිසා පුද්ගලයින් 394,000 කට වැඩි පිරිසක් පීඩාවට පත් විය හැකි බවට ගණන් බලා තිබෙනවා
මෙම තත්ත්වය මාර්තු අවසානය දක්වා පවතින බවට විශ්වාස කෙරෙනවා.
අපේක්ෂිත ගංවතුර සඳහා සූදානමින් මොසැම්බික් ආපදා ඒජන්සිය දැනටමත් බෝට්ටු, ආහාර ද්‍රව්‍ය, කූඩාරම් සහ බ්ලැන්කට් සහිත කණ්ඩායම් ප්‍රදේශයට යොදවා තිබෙනවා.