මොහු ගැන තොරතුරක් වෙතොත් දැනුම් දෙන්න
ATM කාඩ්පතක් සොරකම් කර එම කාඩ්පත භාවිතාකර ලක්ෂ 02 ක මුදලක් සාවද්‍ය පරිහණය කළ පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීම සඳහා බණ්ඩාරගම පොලීසිය විසින් විමර්ශන ආරම්භ කර තිබෙනවා
මොහු පසුගිය අගෝස්තු මස 21 වැනි දින බණ්ඩාරගම නගරයේදී ATM කාඩ්පතක් සොරකම් කර එම කාඩ්පත භාවිතා කර ඇති බවයි පොලිසිය පැවසුවේ
CCTV දර්ශන පරීක්ෂාකර හඳුනාගත් එම සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් දන්නේ නම් නොපමාව බණ්ඩාරගම පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා 071-8591681හෝ ස්ථානාධිපති අපරාධ අංශය 0718594267 වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ