
මොහු හඳුනනවාද? – තොරතුරු දන්නවා නම් පොලීසියට කියන්න
අම්බලන්ගොඩ ප්රදේශයේ වෙඩි තබා ඝාතනයක් සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනවලට අදාළව පළා ගොස් ඇති සැකකරුවෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය මහජන සහය ඉල්ලා තිබෙනවා
පසුගිය නොවැම්බර් මස 10 වැනිදා ගාල්ල – කොළඹ ප්රධාන මාර්ගයේ ඌරවත්ත ප්රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාදුනන පුද්ගලයින් දෙනෙකු විසින් යතුරු පැදියකින් ගමන් කරමින් සිටි පුද්ගලයෙකු සහ කාන්තාවක් ටී.56 වර්ගයේ ගිනි අවියකින් වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙනුයි අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා මහජන සහය ඉල්ලා ඇත්තේ
ඒ අනුව සැකකරු සම්බන්ධයෙන් යම් තොරතුරක් වෙතොත් අම්බලන්ගොඩ මූලස්ථාන පොලිස් පරීක්ෂක 071- 8591484 හෝ ඇල්පිටිය කොට්ඨාස අපරාධ විර්ශන අංශය 091-2291095 යන දුරකථන අංක ඇමතීමෙන් ලබා දිය හැකියි