මොළය මියගිය පුද්ගලයෙකුට ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කරයි

මොළය මියගිය පුද්ගලයෙකුට ඌරෙකුගේ වකුගඩුවක් බද්ධ කරයි

මොළය මිය ගිය බවට තහවුරු වූ රෝගියෙකුට ඌරෙකුගේ වකුගඩුවක් වෛද්‍යවරුන් විසින් සාර්ථකව බද්ධ කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් එම පුද්ගලයා දින 32කට පසු ස්නායු දුර්වලතාවයක් හේතුවෙන් මියගිය බවයි NYU Langone Health ආයතනය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ.

NYU Langone Health හි ශල්‍ය වෛද්‍ය අංශයේ මහාචාර්ය Robert Montgomery විසින් මෙහෙයවන ලද මෙම ක්‍රියා පටිපාටිය 2023 ජූලි 14 වන දින සිදු කර තිබෙනවා.

ශල්‍යකර්මයෙන් පසුව මාසයක් පුරාවට වකුගඩුව නිසි පරිදි ක්‍රියාත්මක වී ඇති බවත්, එහි ක්‍රියාකාරිත්වය මාස දෙකක කාලයක් නිරීක්ෂණය කරන බවත් Montgomery මහතා ප්‍රකාශ කළා.

මාසයක වාර්තාවලට අනුව වකුගඩු biopsies සහ වකුගඩු පරීක්ෂණය අසාර්ථක වීමක් පිළිබඳ කිසිදු සාක්ෂියක් නොමැති බවයි වෛද්‍ය Montgomery පවසන්නේ.

ඒ අනුව ඌරු වකුගඩුව මිනිස් වකුගඩුව කළමනාකරණය කරන සියලුම වැදගත් කාර්යයන් ප්‍රතිස්ථාපනය කිරීමට හැකියාව ඇති බවයි වෛද්‍යවරුන්ගේ මතය වන්නේ.

බද්ධ කිරීමේ ශල්‍ය වෛද්‍ය Adam Griesemer පැහැදිලි කළේ, බද්ධ කළ වකුගඩුව මානව ප්‍රතිශක්තිකරණ ක්‍රියාවලියෙන් ආරක්ෂා කිරීමට උපකාරී වන බව පෙන්වා දී ඇති බැවින්, තයිමස් ද වකුගඩුවේ පිටත තට්ටුවට යටින් බද්ධ කර ඇති බවයි.

තයිමස් ග්‍රන්ථිය යනු අපගේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වන බෙල්ලේ සහ පපුවේ ඇති පටක වන අතර එය ඒවාට ශරීරයේ ඇති ප්‍රෝටීන හඳුනා ගැනීමට හැකියාව ඇති අතර ශරීරයේ කොටසක් නොවන ප්‍රෝටීන් ප්‍රතික්ෂේප කිරීමට හැකියාව තිබෙනවා.

57 හැවිරිදි Maurice Miller හට මෙම බද්ධ කිරීම සිදු කර ඇති අතර ඔහුගේ සොහොයුරිය වන Mary Miller පැවසුවේ තම සහෝදරයා එහි කොටස්කරුවෙකු වීම ගැන ආඩම්බර වන බවයි.

ඒ අනුව මෙවැනි සැත්කම් හේතුවෙන් අනාගතයේදී මිනිසුන්ගේ ඇතැම් අවයව වෙනුවට ඊට ගැලපෙන සත්ත්ව අවයව බද්ධ කිරීමේ සැත්කම් ඉහල යා හැකි බවයි වෛද්‍යවරුන් මත පළ කරන්නේ.

Share This