මොළයක් නැත්නම් ක්‍රිකට් ක්‍රීඩා කළ නොහැකි බවට අර්ජුන රණතුංග ගෙන් ප්‍රකාශයක්

මොළයක් නැත්නම් ක්‍රිකට් ක්‍රීඩා කළ නොහැකි බවට අර්ජුන රණතුංග ගෙන් ප්‍රකාශයක්

”මොළයක් නැත්නම් ක්‍රිකට් ක්‍රීඩා කළ නොහැකි බව ජාතික ක්‍රිකට් කණඩායමේ හිටපු නායක අර්ජුන රණතුංග මහතා පවසනවා.

ඔහු ඊයේ (24) පැවති ක්‍රිකට් තරගාවලියක ජය සංකේත පිරිනැමීමේ උත්සවයකට එක්වෙමින් පැවසුවේ ජාතික කණ්ඩායමට සිදුවී ඇත්තේ බොහෝ විට එය යැයි ඔහු සඳහන් කළා.

ඔහු තව දුරටත් මෙසේ ද සදහන් කළා.

”ඉගෙන ගත්ත කෙනාට තීරණයක් ගන්න පුළුවන් කොයි විදියටද මං බෝලයට මුහුණ දෙන්නේ, කොයි විදියටද මං බෝලේ යවන්න ඕනේ කියලා. උඩ පන්දුවක් එනකොට තීරණය කරන්න පුළුවන් කොයි විදියටද මං බෝලේ අල්ලන්නේ කියලා, ” යැයිද ඔහු පැවසුවා.

මේ අතර ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ දස්කම් සම්බන්ධයෙන් අදහස් දක්වමින් මෙසේද පැවසුවා.

”ප්‍රධානම දේ තමයි පාසලේ වැඩත් කරන ගමන් ක්‍රිකට් ක්‍රීඩාවට මුහුණ දෙන්න ඕනේ. මැචස් ඉවර කරලා යනකොට ප්‍රැක්ටිස් ඉවර වෙලා යනකොට ඒ සර්ට වැඳලා යන්න. මේ මං හැදිච්ච විදිය කියන්නේ. මම දන්නෙ නෑ අද අය හැදෙන්නේ කොහොමද කියලා. මම ඒ ගොල්ල දිහාවත්, ක්‍රිකට් ගැනවත් වැඩිය බලන්නෙ නෑ. අනිත් එක තමා විනය. ක්‍රිකට් ක්‍ර්‍රිඩාව කරනකොට කැපවීමකින් කරන්න. පුළුවන් තරම් මහන්සි වෙන්න තාක්ෂණය ඉගෙන ගන්න.”

වැඩි දුරටත් අදහස් දැක්වූ ඔහු සඳහන් කළේ,අරවින්ද ද සිල්වා වැනි ක්‍රීඩකයකු දකින්නට ලැබුණ හොත් එය මහත් පිනක් බවයි.

වත්මන් ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයින් දක්ෂ නමුත් කැපවීමක් නැතිකමක් පෙන්නුම් කරන බව ද අර්ජුන රණතුංග මහතා අවධරණය කළා.

ඔහු පැවසුවේ පරිපාලනය කරන පිරිස වැරදි කරන විට ක්‍රීඩකයින් නිවැරදි කිරීමට අපහසු බවයි.

” අවුරුදු ගාණක් තිස්සේ මම මේක කියනවා. මේ රටේ ක්‍රිකට් හදන්න බෑ. හැබැයි දරුවො ටික හරියට හැදුවොත් මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාව ගොඩ ගන්න පුළුවන්. පැරදුනාම ලැජ්ජාවක් කියලා දෙයක් ඇති වෙන්න පුළුවන්. එවැනි දේවල් මම දකින්නෙ නෑ. මොකද අද මුදල මූලික වෙලා තියෙන්නේ. ඉතිං පුතාල හිතනවනම් කවදා හරි මම ලංකාවට ක්‍රිකට් ගහලා සල්ලි හම්බ කරනවා කියලා, ක්‍රිකට් ක්‍රීඩාව නවත්වන්න. අද වෙලා තියෙන්නේ ඒක” අරජුන තවදුරටත් අවධාරණය කළා.

Share This