
මෝදර දී ඊයේ රාත්‍රියේ යුවලක් අමානුෂික ලෙස කපා කොටා දමයි
මෝදර පොලිස් වසමේ, අංක 109, ශාන්ත ඇන්ඩෲ ඉහළ පාර, මෝදර, කොළඹ 15 ලිපිනයේ පදිංවි දෙදෙනකුට ඊයේ රාත්‍රී 7.30 ට පමණ ත්‍රිරෝද රථයකින් පැමිණි නාදුනන පුද්ගලයින් පිරිසක් තියුණු ආයුධවලින් පහර දී කපා කොටා බරපතල තුවාල සිදු කර පලා ගොස් තිබෙනවා.
මෙම අමානුෂික තියුනු ආයුධවලින් පහර දීම නිවසේ තිබූ CCTV කැමරාවල සටහන්ව තිබූ අතර සිද්ධියෙන් තුවාල ලබා ඇත්තේ විනිතා කාන්ති ප්‍රනාන්දු. (වයස අ.වු 68) සහ සේවියර් සෙල්වින් ලොවිඩ් ජයසුරිය. (වයස අ.වු 68) යන දෙදෙනායි.
තුවාලකරුවන් ප්‍රතිකාර සදහා කොළඹ ජාතික රෝහල වෙත ඇතුලත් කර තිබෙනවා.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසුවේ මෙම පහර දීම පෞද්ගලික ආරවුලක් මත සිදු වූවක් බවයි.
මේ සම්බන්ධයෙන් අපරාධකරුවන් අත් අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ ආරම්භ කර තිබෙනවා.