මෝදි පුටින් හමුවක්

මෝදි පුටින් හමුවක්

උස්බෙකිස්තානයේ සමර්කන්ඩ් හි පැවැත්වෙන ෂැංහයි සහයෝගිතා සංවිධානය (SCO) සමුළුවේදී ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි උස්බෙකිස්තාන, රුසියා සහ ඉරාන ජනාධිපතිවරුන් සමඟ ද්විපාර්ශ්වික සාකච්ඡා පැවැත්වීමට අපේක්ෂා කරන බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

යුක්රේන අර්බුදයෙන් පසු අගමැති මෝදි සහ රුසියානු ජනාධිපතිවරයා හමුවන පළමු අවස්ථාව මෙය වනු ඇති බව ආරංචි මාර්ග පවසනවා.

අර්බුදය ආරම්භ වීමෙන් පසු නායකයින් දෙදෙනා දුරකථනයෙන් එකිනෙකා සමග සාකච්ඡා කළත් මුහුණට මුහුණ සාකච්ඡාවක් පැවැත්වීමට යන පළමු අවස්ථාව මෙයයි.

මේ අතර එහිදී මෝදි සහ චීන ජනාධිපති ෂී ජින්පින් අතර ව්‍යුහගත හමුවක් පිළිබඳව ඉන්දියාවෙන් සහ චීනයෙන් නිල නිවේදනයක් නිකුත් කර නැහැ.

මෝදි සහ පාකිස්තාන අගමැති ෂෙබාස් ෂරීෆ් අතර ද්විපාර්ශ්වික හමුවක් පැවැත්වෙන බවට පළවූ ඇතැම් වාර්තා පාකිස්ථාන විදේශ කාර්යාලය විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

Share This