මෝර ප්‍රහාරවලට ලක්වූ යාත්‍රාවක සිටි පුද්ගලයන් තිදෙනෙකු බේරා ගැනේ

මෝර ප්‍රහාරවලට ලක්වූ යාත්‍රාවක සිටි පුද්ගලයන් තිදෙනෙකු බේරා ගැනේ

මෝර ප්‍රහාර කිහිපයකට ලක්වූ යාත්‍රාවක සිටි මිනිසුන් තිදෙනෙකු වායු සම්ප්‍රේෂණය කරන ලද catamaran යාත්‍රාවක සිට අද(06) අලුයම ඕස්ට්‍රේලියානු මුහුදේදී ගලවාගෙන තිබෙනවා.

අවුරුදු 28 සිට 63 දක්වා වයස්වල පසුවන රුසියානුවන් දෙදෙනෙකු සහ ප්‍රංශ ජාතිකයෙකු වනාටු සිට ඊසානදිග කේන්ස් නගරය දක්වා ගමන් කරමින් සිටි බවයි ඕස්ට්‍රේලියානු සමුද්‍ර ආරක්ෂණ අධිකාරිය (AMSA) නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ.

මීටර් 9 වන රුසියානු ලියාපදිංචි යාත්‍රාව මෝරුන් එහි හුලං සහිත බඳට ප්‍රහාර එල්ල කර තිබූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

බදාදා අලුයම 1:30 ට ආපදා අංශයට ලැබුණු ඇමතුමකට අනුව AMSA විසින් මෙම ගලවා ගැනීමේ මෙහෙයුම දියත් කර තිබෙනවා.

AMSA රාජකාරි කළමනාකරු වන Joe Zeller පැවසුවේ යාත්‍රාව සොයා ගන්නා විට එහි විශාල ප්‍රදේශයකට හානි සිදුවී ඇති බවයි.

කෙසේ වෙතත් යාත්‍රාවේ සිටි පිරිමි තිදෙනා බේරා ගැනීමට හැකිවූ බවත් ඒ ගැන ඉතා සතුටට පත්වූ බවත් Zeller මහතා පවසනවා.

මෙම පුද්ගලයන් තිදෙනා හෙට(07) උදෑසන බ්‍රිස්බේන් වෙත පැමිණෙනු ඇතැයි අපේක්ෂා කරන බව AMSA වැඩිදුරටත් සඳහන් කරනවා.

Share This