මෝල් හිමියන් සහල් මිල යළිත් සංශෝධනය කරයි – අලුත් වූ සහල් මිල මෙන්න

මෝල් හිමියන් සහල් මිල යළිත් සංශෝධනය කරයි – අලුත් වූ සහල් මිල මෙන්න

පසුගිය මාස කිහිපය තුළ දේශීය වෙළෙඳපොළේ ඇති වූ බරපතළ සහල් හිඟය හේතුවෙන් රජය සහල් මිල පාලනයෙන් ඉවත් කළ පසු සහල් මෝල් හිමියන් සැප්තැම්බර් මාසයේ 28දා ප්‍රකාශයට පත් කළ සහල් මිල යළිත් වරක් ඊයේ (ඔක්. 24) සංශෝධනය කර තිබෙන බව දිනපතා පළවන පුවත්පතක සඳහන් කර තිබෙනවා

මේ පිළිබඳව ස්වර්ණවාහිනී පත්තරේ වැඩසටහනින්ද අවධානය යොමු කෙරුණා

සහල් මිල පාලනයෙන් ඉවත් කළ පසු සහල් මෝල් හිමියන් ප්‍රකාශයට පත්කළ නව සහල් මිල ගණන් අබිභවා වෙළෙඳපොළේ සහල් අලෙවි කළ අතර ඉකුත් සති කිහිපය තුළ වෙළෙඳපොළේ නාඩු, කැකුළු හා සම්බා සහල්වල හිඟයක් ද දක්නට ලැබුණා

සහල් මෝල් හිමියන් ඊයේ (24) දෙවන වරටත් ප්‍රකාශයට පත්කර ඇති සංශෝධිත මිල ගණන් අනුව නාඩු කිලෝවක් රුපියල් 15කින් ද සම්බා කිලෝවක් රුපියල් 10කින් ද කීරි සම්බා කිලෝවක් රුපියල් 30කින් ද ඉහළ දමා ඇතැයි පිටකොටුව සහල් තොග වෙළෙඳුන්ගේ සංගමය පවසනවා .

ඒ අනුව, සහල් මෝල් හිමියන් ප්‍රකාශයට පත්කර ඇති නව මිල ගණන් අනුව නාඩු සහල් කිලෝග්‍රෑම් 1ක් රුපියල් 130ක් ද සම්බා සහල් කිලෝවක් රුපියල් 150ක් ද සහ කීරි සම්බා කිලෝවක් රුපියල් 195ක් වශයෙන් ඉහළ නංවා ඇතැයි සහල් තොග වෙළෙඳුන්ගේ සංගමය සඳහන් කරනවා

රුපියල් 110ක් වූ කැකුළු සහල්වල මිලෙහි වෙනසක් සිදුකර නැහැ

Share This