
යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායක ගේ මරණය සම්බන්ධයෙන් මහනුවර ඡේ්යාෂ්ඨ පොලිස් අධිකාරී ගේ නම ගෑවීම ගැන පොලීසියෙන් නිවැරදි කිරීමක්
යටිනුවර ප්‍රාදේශිය සභාවේ විපක්ෂනායක චම්පික නිලන්ත මහතාගේ සියදිවි නසාගැනීම හා ඔහුගේ බිරිද සහ දරුවාගේ මරණය සම්බන්ධව මහනුවර කොට්ටාශ භාර නිලධාරීවරයාගේ උපදෙස් අනුව පේරාදෙනිය පොලිස් ස්ථානාධිපති විමර්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා.
එම කොට්ටාශය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ මියගිය තැනැත්තා සියදිවි නසාගැනීමට පෙර ලියන ලද බවට සැක කරන ලිපියක මුදල් ගනුදෙනුවක් සහ මහනුවර කොට්ටාශ භාර නිලධාරීවරයා ගේ නම සදහන් වන බවට පේරාදෙනිය පොලිස් ස්ථානාධිපතිවරයා අදාල නිලධාරියා දැනුවත් කර ඇති බවටයි.
මේ සම්බන්ධයෙන් විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මගින් මෙන්ම සමාජ මාධ්‍ය මගින් ද මහනුවර කොට්ටාශ භාර නිලධාරියාගේ නම සදහන් කරමින් පුවතක් සංසරනය වන බවත් එය නිවැරදි කරන ලෙසට මහනුවර කොට්ටාශ භාර නිලධාරී ජ්‍යාෂ්ඨ පොලිස් අධිකාරී අනුරුද්ධ බණ්ඩාරනායක මහතා පොලිස් මාධ්‍ය කොට්ටාශයෙන් ඉල්ලීමක් ද කර තිබෙනවා.
ඔහු දැනුම් දී ඇත්තේ මේ සම්බන්ධයෙන් ඕනෑම විමර්ශන කණ්ඩායමක් යොදවා විමර්ශනයක් සිදුකර ලෙසට මහනුවර/මතලේ දිශාව බාර නියෝජ්‍ය පොලීස්පති වෙත ලිපියක් ද යොමුකර ඇති බවටයි.
මේ සම්බන්ධයෙන් ඔහු මධ්‍යම පළාත බාර ජ්යාෂ්ට නියෝජ්‍ය පොලිස්පතිවරයා සහ වැඩබලන පොලිස්පතිවරයා දැනුවත් කර ඇති බවත් පොලිස් මාධ්‍ය කොට්ටාශය පවසනවා.
මෙම සිද්ධිය සබන්ධයෙන් සංසරණය වන පුවත් මගින් ගෙනහැර දක්වන කරුණු විශ්ලේෂණය කර පොලීසිය විමර්ෂනයක් ආරම්භකර ඇති බව ද ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බවටද පොලිස් මාධ්‍ය කොට්ටාශය නිකුත් කළ නිවේදනයේ සදහන්.
