
යතුරු පැදි දෙකක් එකට ගැටී දෙදෙනෙක් රෝහලේ
කළුතර- මතුගම මාර්ගයේ ඊයේ සවස දොඩංගොඩ ප්‍රදේශයේදී යතුරුපැදි දෙකක් ගැටී මාර්ග අනතුරක් සිදු වුණා.
අප වාර්තාකරු පැවසුවේ කළුතර දෙස සිට මතුගම දක්වා දොඩංගොඩ මංසන්ධිය පසු කරමින් මතුගම දෙසට (එක් දිසාවකටම) ගමන් කළ යතුරු පැදි දෙකක් මෙසේ අනතුරට පත් වී ඇති බවයි.
එක් යතුරු පැදියක පසුපස අනෙක් යතුරු පැදිය ගැටී ඉදිරියට විසි වී දෙදෙනාම තුවාල ලබා තිබෙනවා.
එක් යතුරුපැදිකරුවෙක් බරපතල තත්ත්වයෙන් තුවාල ලබා ඇති අතර අනෙක් පුද්ගලයා සාමාන්‍ය තුවාල ලබා ඇතැයි අප වාර්තාකරු සදහන් කළා.
තුවාලකරුවන් දෙදෙනාම කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුලත් කර තිබෙනවා.