යතුරුපැදියෙන් ඉන්දියාවේ සංචාරය කළ පාකිස්ථානුවා

යතුරුපැදියෙන් ඉන්දියාවේ සංචාරය කළ පාකිස්ථානුවා

පාකිස්ථාන ජාතික ව්ලොග්කරුවෙකු (Vlogger) වන Abrar Hassan යතුරුපැදි සංචාරයකින් ඉන්දියාවේ දේශසීමා හරහා ගමන් කර තිබෙනවා.

WildLens by Abrar නමැති YouTube චැනලය හසුරුවන ඔහු දින 30ක පමණ කාලයකින් කිලෝමීටර් 7,000ක් ගෙවා සිය ‘මිත්‍රත්ව චාරිකාව’ අවසන් කර ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

ඉන්දියාව සහ පාකිස්ථානය අතර අර්බුදකාරී තත්ත්වයක් පැවතිය ද මෙම සංචාරය තුළ දී ඉන්දීය ජනතාව විසින් ඔහු උණුසුම් ලෙස පිළිගෙන ඇති බව සඳහන්.

දිල්ලි, හර්යානා, රාජස්ථාන්, මුම්බායි, කේරළ සහ තවත් නගරවල Abrar Hassan සංචාරය කර තිබෙනවා.

ඔහු BMW ත්‍රාසජනක බයිසිකලයක් පදවා ඇති අතර ඇතැමුන් තමන්ගේම යතුරුපැදිවලින් ගමන් කරමින් Abrar Hassan වෙනුවෙන් සතුට පළ කරන ආකාරය ද ඔහුගේ වීඩියෝවල දක්වා තිබුණා.

Share This