යහළුවකු සමග මත්පැන් සාදය කෙළවර මරණය කැදවාගත් සංචාරකයා

යහළුවකු සමග මත්පැන් සාදය කෙළවර මරණය කැදවාගත් සංචාරකයා

හැටන් කොටගල ප්‍රදේශයේ සංචාරයක් සදහා පැමිණ නවාතැන්ගෙන සිටි පුද්ගලයකු එම සංචාරක හෝටය තුළ මියගොස් ඇතැයි දිඹුල පොලීසිය පැවසුවා.

මෙලෙස මිය ගොස් ඇත්තේ කොළඹ සිට කොටගල ප්‍රදේශය දක්වා සංචාරය සදහා පැමිණි රියෙන්සි පිල්ලේ නමැති 60 හැවිරිදි අයෙක්.

මිතුරකු සමග පැමිණ හෝටලය තුල සංචාරක හෝටලය තුළ මිතුරකු සමග මත්පැන් පානය කර හෝටලය තුල බිම වැටෙන ආකාරය එහි ඇති සී.සී.ටී.වී. කැමරා පද්ධතියේ සටහන්ව තිබෙනවා.

බිම වැටුණු පුද්ගලයා යලිත් කාමරය වෙත ගොස් ඊයේ (06) අලුයම අවදි නොවූ නිසා හෝටලයේ සේවකයෙකු විසින් ඒ පිළිබදව දිඹුල පතන පොලිසිය වෙත දන්වා තිබෙනවා.

පසුව හෝටලය වෙත පොලිසිය පැමිණ පරික්ෂා කිරිමේදි එම පුද්ගලයා හෝටලය තුල මිය ගොස් ඇති බව තහවුරු කරගෙන තිබෙනවා.

 

Share This