යළි අරඹන ජයිකා සංවර්ධන ව්‍යාපෘති

යළි අරඹන ජයිකා සංවර්ධන ව්‍යාපෘති

ජයිකා ආධාරයෙන් බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ සංවර්ධන ව්‍යාපෘතියේ දෙවන අදියර සහ රූපවාහිනී විකාශන ඩිජිටල්කරණ ව්‍යාපෘතිය නැවත ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.

ජපාන ජාත්‍යන්තර සහයෝගීතා ඒජන්සියේ ප්‍රධාන නියෝජිත යාමාඩා ටෙට්සුයා මහතා ඇතුළු එහි ඉහළ පෙළේ නියෝජිතයින් පිරිසක් අද (01) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා හමුවූ අවස්ථාවේ ඒ බව සාකච්ඡාවට ලක්ව ඇති බව සඳහන්.

ජයිකා ආධාර යටතේ මෙරට ක්‍රියාත්මක දැනට අතරමග නැවතී ඇති ව්‍යාපෘති 11ක වැඩ කඩිනමින් අවසන් කිරීමට පසුගියදා ජපාන තානාපතිවරයා, ජනාධිපති ලේකම්වරයා හමුවූ අවස්ථාවේ සාකච්ඡා කළ අතර එම කටයුතු කඩිනම් කිරීම පිළිබඳව ද අද පැවති සාකච්ඡාවේදී අවධානයට ලක්ව තිබෙනවා.

Share This