යළි ඇෆ්ගනිස්ථානයට ඒමට සිදුවූ සංක්‍රමණිකයින්

යළි ඇෆ්ගනිස්ථානයට ඒමට සිදුවූ සංක්‍රමණිකයින්

සංක්‍රමණිකයින් 4000කට අධික පිරිසක් පාකිස්ථානයේ සහ ඉරානයේ සිට පසුගිය දින දෙකක කාලය තුළ ඇෆ්ගනිස්ථානයට පැමිණ තිබෙනවා.

තලෙයිබාන් පාලනය යටතේ පවතින සරණාගත අමාත්‍යාංශය සඳහන් කරන්නේ ඔවුන් පාකිස්ථානයෙන් සහ ඉරානයෙන් ඇෆ්ගනිස්ථානයට පිටුවහල් කර හෝ ස්වේච්ඡාවෙන් ආපසු පැමිණ ඇති බවයි.

ඒ අනුව ඉරානයේ සිට 2769 දෙනෙකු සහ පාකිස්ථානයේ සිට 665 දෙනෙකු ඇෆ්ගනිස්ථානය වෙත යළි පැමිණ ඇති බව සඳහන්.

පාකිස්ථානය සහ ඉරානය යන රටවල් විසින් සරණාගතයින් පිටුවහල් කිරීමට ගෙන ඇති පියවර හේතුවෙන් අදාළ පිරිසට නැවත ඇෆ්ගනිස්ථානයට පැමිණීමට සිදුව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

Share This