යළි තුර්කියේ ජනපති වූ Recep Tayyip Erdogan හට රටවල් රැසකින් සුබ පැතුම්

යළි තුර්කියේ ජනපති වූ Recep Tayyip Erdogan හට රටවල් රැසකින් සුබ පැතුම්

තවත් වසර පහක කාලයක් සඳහා තුර්කි ජනාධිපති ධුරයට පත් වූ Recep Tayyip Erdogan හට ලොව පුරා රටවල් රැසක රාජ්‍ය නායකයින් සුබ පතා තිබෙනවා.

අමෙරිකාව, චීනය, ප්‍රංශය, රුසියාව, ඉන්දියාව සහ එක්සත් අරාබි එමීර් රාජ්‍යය ඇතුළු රටවල් රැසක රාජ්‍ය නායකයින් Recep Tayyip Erdogan හට සුබ පතා ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

තුර්කි ජනාධිපතිවරණයෙන් 52.14%ක ඡන්ද ප්‍රතිශතයක් ලබාගෙන ඇති අතර තවදුරටත් ඡන්ද ගණන් කරමින් පවතින බව සඳහන්.

මේ දක්වා ලැබුණු ප්‍රතිඵල අනුව ඔහුට ජනාධිපති ධුරය හිමිව ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ.

කෙසේවෙතත් Erdogan ගේ ප්‍රතිවාදියා වූ Kemal Kilicdaroglu ප්‍රකාශ කර ඇත්තේ මෙය අසාධාරණ මැතිවරණයක් බවයි.

69 හැවිරිදි වියේ පසුවන Recep Tayyip Erdogan 2003 වසරේදී තුර්කියේ අග්‍රාමාත්‍ය ධුරය දැරූ අතර 2014 වසරේ සිට ජනාධිපති ධුරයේ කටයුතු කරනු ලැබුවා.

Share This