යළි පහළ ගිය මෙරට උද්ධමනය

යළි පහළ ගිය මෙරට උද්ධමනය

ජාතික පාරිභෝගික මිල දර්ශකය මත පදනම් වූ 2023 මැයි මාසය සඳහා වන මෙරට උද්ධමනය පහළ ගොස් තිබෙනවා.

ඒ අනුව ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ 2023 අප්‍රේල් මාසයේදී 33.6% ක් ලෙස වාර්තා වූ මෙරට උද්ධමනය මැයි මාසය සඳහා 22.1%ක් දක්වා පහළ ගොස් ඇති බවයි.

මැයි මාසය සඳහා වන ආහාර කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 15.8 %ක් ලෙස සටහන් වී තිබෙනවා.

එමෙන්ම මැයි මාසයේ ආහාර නොවන කාණ්ඩයේ වාර්ෂික උද්ධමනය 27.6%ක් ලෙස වාර්තා වී ඇති බවයි ජනලේඛන සහ සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ආහාර කාණ්ඩය සළකා බලන විට අළුත් මාළු, එළවළු, සීනි, කුකුළු මස්, මයිසූර් පරිප්පු, අර්තාපල්, ඉඟුරු, සුදුලූනු, ලොකුලූනු, දෙහි, කරවල සහ ටින්මාළු වැනි ආහාර ද්‍රව්‍යවල සැලකිය යුතු ලෙස මිලෙහි වැඩිවීමක් සහ අළුත් පළතුරු, කිරිපිටි, සහල්, පොල්, මිරිස්කුඩු, පොල්තෙල්, පාන්, බිත්තර, අමුමිරිස්, වියළි මිරිස්, කහකුඩු, කවුපි සහ රතුලූනු වැනි ආහාර ද්‍රව්‍යවල මිලෙහි අඩුවීමක් වාර්තා වී තිබෙනවා.

Share This