යළි විදුලිය අපනයනයට සූදානම් වන යුක්රේනය

යළි විදුලිය අපනයනයට සූදානම් වන යුක්රේනය

යුක්රේනය මාස හයකට පසු යළිත් විදුලිය අපනයනය කිරීමට සුදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මාස ගණනක රුසියානු ප්‍රහාරවලින් අනතුරුව පළමුවරට විදුලිය අපනයනය කිරීමට මෙලෙස යුක්රේනයට හැකියාව ලැබී ඇත්තේ බලශක්ති යටිතල පහසුකම් යථා තත්ත්වයට පත් කිරීමෙන් අනතුරුවයි.

එමෙන්ම රුසියාව පසුගිය ඔක්තෝම්බර් මාසයේදී යුක්රේනයේ බලශක්ති යටිතල ව්‍යුහයට අඛණ්ඩව ප්‍රහාර එල්ල කරනු ලැබුවා.

ඒ හේතුවෙන් ශීත ඍතුවේ දී නගර රැසක ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට පත් වුණා.

යුක්රේන බලශක්ති අමාත්‍ය හර්මන් හලුෂ්චෙන්කෝ (Herman Halushchenko) විදුලිය අපනයන සඳහා අවසර දෙන විධායක නියෝගයකට අත්සන් තබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා.

කෙසේ වෙතත් යුරෝපයේ විශාලතම න්‍යෂ්ටික විදුලිබාලාගාරය වන සපෝරීෂිෂා (Zaporizhzhia) විදුලිබාලාගාරය රුසියා පාලනය යටතේ පවතින බව සඳහන්

Share This