යුක්‍රේන ආරක්ෂක වළල්ල බිඳින්න හදන ‘රුසියාවට’ සෙලෙන්ස්කිගෙන් ප්‍රතිචාර

යුක්‍රේන ආරක්ෂක වළල්ල බිඳින්න හදන ‘රුසියාවට’ සෙලෙන්ස්කිගෙන් ප්‍රතිචාර

රුසියානු හමුදා නැගෙනහිර යුක්‍රේන නගරයක් වූ Vuhledar වෙත ඔවුන්ගේ ප්‍රහාර එල්ල කළත් එය සාර්ථක නොවී ඇති බව එක්සත් රාජධානියේ බුද්ධි අංශ සඳහන් කරනවා.

ඩොන්බාස් කලාපයේ නගරය වටා යුක්‍රේන ආරක්ෂක වළල්ල බිඳ දැමීමට මොස්කව්හි හමුදා සටන් කරමින් සිටින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

යුක්‍රේනයේ ජනාධිපති සෙලෙන්ස්කි මෙම තත්ත්වය විස්තර කර ඇත්තේ මෙය ඉතා දුෂ්කර වුවත් අපි ආක්‍රමණිකයා බිඳ දැමීමට සූදානම් යනුවෙනුයි .

මේ අතර, යුරෝපා සංගම් විදේශ අමාත්‍යවරු බ්‍රසල්ස්හි රැස්වී පවතින යුදමය තත්ත්වය පිළිබඳව සාකච්ඡා කරනු ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

පෙබරවාරි 24 වන දින ඇරඹි යුද සංවත්සරය නිමිත්තෙන් එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මේ සතියේ අසල්වැසි පෝලන්තයේ සංචාරය කිරීමට අපේක්ෂා කෙරෙන බවද සඳහන් වනවා

මේ අතර Kyiv හි බටහිර උසස් නිලධාරියෙකු අද(20) සංචාරය කරන බවට පැතිර යන ආරංචි මාර්ග ඔස්සේ නගරයේ මාර්ග කිහිපයක් ගමනාගමනය සඳහා වසා ඇති බව මාධ්‍යවේදියෙකු වන Olga Tokariuk සඳහන් කර තිබෙනවා.

Share This