යුක්‍රේන ජනපති G7 සමුළුවට යාමට පෙර අරාබි ලීග රැස්වීමට

යුක්‍රේන ජනපති G7 සමුළුවට යාමට පෙර අරාබි ලීග රැස්වීමට

G7 සමුළුව සඳහා හිරෝෂිමා වෙත පැමිණීමට පෙර යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සෞදි අරාබියේ පැවැත්වෙන අරාබි ලීග රැස්වීමට යන බවට වාර්තා පළවෙමින් පවතින බව රොයිටර් පුවත් සේවය සඳහන් කරනවා

යුක්‍රේන ජනාධිපතිවරයා ජෙඩා හි නැවතීමෙන් පසු ප්‍රංශ රජයේ ගුවන් යානයකින් ජපානයට යාමට නියමිත වන බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ.

මේ අතර ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි හිරෝෂිමාහිදී සෙලෙන්ස්කි හමුවීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය ද වාර්තා කර තිබෙනවා

සෙනසුරාදා රාත්‍රියේ යුක්‍රේන ජනාධිපතිවරයා එරටට පැමිණීමට නියමිත බව ජපාන මාධ්‍ය මූලාශ්‍ර උපුටා දක්වමින් බිබීසී පුවත් සේවය වාර්තා කරනවා

Share This