යුක්‍රේන ජනපති ගංවතුර ඇති වූ Kherson හි සංචාරයක

යුක්‍රේන ජනපති ගංවතුර ඇති වූ Kherson හි සංචාරයක

Nova Kakhovka වේල්ල කඩා වැටීමෙන් පසු යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky දැඩි ලෙස ගංවතුර ඇති වූ Kherson කලාපය වෙත ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

දකුණු කලාපයේ යුක්‍රේන පාලන ප්‍රදේශවල ඉවත් කිරීම් සිදුවෙමින් පවතින නමුත් රුසියානු පාලනය යටතේ ඇති ප්‍රදේශවල ගලවාගැනීමේ කණ්ඩායම්වලට රුසියානු හමුදා විසින් වෙඩි තැබූ බවට සෙලෙන්ස්කි චෝදනා කර සිටියා

බිම් බෝම්බ ජලයේ පාවෙන බවට අනතුරු ඇඟවීම්ද ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ

රුසියාව විසින් අත්පත් කරගෙන සිටින ඔලෙෂ්කි නගරයේ අවම වශයෙන් පුද්ගලයින් තිදෙනෙකු දියේ ගිලී මිය ගොස් ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

Share This