යුක්‍රේන ජනපති යළිත් බයිඩන් හමුවීමේ සූදානමින්

යුක්‍රේන ජනපති යළිත් බයිඩන් හමුවීමේ සූදානමින්

යුක්‍රේන ජනපති Volodymyr Zelensky වොෂින්ටනයට ගොස් ජනාධිපති ජෝ බයිඩන් හමුවීමට නියමිත බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

එහිදී නායකයන් දෙදෙනා යුක්‍රේනයේ හදිසි අවශ්‍යතා ගැන සාකච්ඡා කරනු ඇති බවත් මෙම තීරණාත්මක මොහොතේ එක්සත් ජනපදයේ අඛණ්ඩ සහයෝගයේ වැදගත්කම පිළිබඳව අවධානය යොමු කරනු ඇති බවත් සඳහන්

එමෙන්ම යුක්‍රේන ජනපති රුසියාවට එරෙහි ඔහුගේ සටන සඳහා තවත් මුදල් යැවීමට පසුබට වන රිපබ්ලිකානුවන් ඉදිරියේ ආධාර ඉල්ලා සිටිනු ඇති බවත් සඳහන් වනවා

ධවල මන්දිරය සෙලෙන්ස්කිගේ සංචාරය නිවේදනය කර ඇති අතර සති කිහිපයකින් යුක්‍රේනයේ ආධාර අවසන් වනු ඇති බවද විදෙස් මාධ්‍ය පවසා තිබෙනවා

Share This