යුක්‍රේන ජනපති ලබන සතියේ ජෝ බයිඩන් හමුවීමේ සූදානමින්

යුක්‍රේන ජනපති ලබන සතියේ ජෝ බයිඩන් හමුවීමේ සූදානමින්

ලබන සතියේ එක්සත් ජනපදයට පැමිණීමට නියමිත යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන්ව ධවල මන්දිරයේදී හමුවීමට අපේක්ෂා කරන බව එරට මාධ්‍ය වාර්තා කරනවා.

නායකයන් දෙදෙනාම එම සතියේ නිව්යෝර්ක් හි පැවැත්වෙන එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල රැස්වීමට ද සහභාගී වීමට නියමිත බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

රුසියාවේ ආක්‍රමණයට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් තවත් එක්සත් ජනපද ආධාර ලබාගැනීම සඳහා ඉල්ලීම් කිරීමට යුක්‍රේන ජනාධිපති සූදානමින් පැමිණෙන බවද සඳහන්

යුක්‍රේනයේ හමුදාවට අරමුදල් සැපයීම සඳහා එක්සත් ජනපදය බිලියන ගණන් ආයුධ සහ ආධාර දැනටමත් සපයන බවද විදෙස් මාධ්‍ය පවසනවා

එක්සත් ජනපද රාජ්‍ය ලේකම් ඇන්ටනි බ්ලින්කන් පසුගිය සතියේ යුක්‍රේනයට ගොස් ඩොලර් බිලියන 1 කට වඩා වැඩි නව ආධාර පැකේජයක් ද නිවේදනය නිවේදනය කරනු ලැබුවා .

එක්සත් ජනපදය කලින් යුක්‍රේනයට නොයවන බව පවසා තිබූ යුරේනියම් ෂෙල් ටැංකිද මෙම ආධාරයට ඇතුළත් බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරනු ලැබුවේ

එමෙන්ම පසුගිය මාසයේදී ජෝ බයිඩන් තවත් ඩොලර් බිලියන 24ක් යුක්‍රේනයට යවන ලෙසද කොන්ග්‍රසයෙන් ඉල්ලා සිටියා

නිව් යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී, යුක්‍රේන ජනාධිපතිවරයා සභාව අමතමින් දේශනයක් පැවැත්වීමට නියමිත අතර, අනෙකුත් සංචාරක ලෝක නායකයින් සමග රැස්වීම් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බවයි වාර්තා වන්නේ .

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු එක්සත් ජාතීන්ගේ රැස්වීම්වලට සමගාමීව යුක්‍රේන ජනාධිපතිවරයා මුණ ගැසීමට සැලසුම් කරන බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

Share This