යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් මාධ්‍යවේදියෙකු මරුට

යුක්‍රේන ඩ්‍රෝන ප්‍රහාරයකින් මාධ්‍යවේදියෙකු මරුට

යුක්‍රේනය විසින් රුසියාවේ අත්පත් කරගෙන සිටින ඩොනෙට්ස්ක් නගරය ආසන්නයට එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් නිදහස් මාධ්‍යවේදියෙකු මියගොස් තිබෙනවා.

රුසියානු රාජ්‍ය පුවත්පතක් වන Izvestia හි මාධ්‍යවේදියෙකු මෙලෙස මියගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

අධිවේගී මාර්ගයක ගමන් කරමින් සිටි මාධ්‍යවේදීන් පිරිසකට අදාළ ප්‍රහාරය එල්ල වී ඇති අතර එහිදී තවත් මාධ්‍යවේදීන් 5 දෙනෙකු තුවාල ලබා තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් රුසියානු විදේශ අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ප්‍රකාශ කර ඇත්තේ එය
“හිතාමතා කළ ඝාතනයක්” ලෙසයි.

කෙසේවෙතත් මේ සම්බන්ධයෙන් යුක්‍රේනය මෙතෙක් නිල ප්‍රකාශයක් සිදු කර නැහැ.

Share This