යුක්‍රේන යුද්ධය වෙනුවෙන් බයිඩන් පුටින් මුණ ගැසීමට සූදානම්

යුක්‍රේන යුද්ධය වෙනුවෙන් බයිඩන් පුටින් මුණ ගැසීමට සූදානම්

එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් රුසියානු ජනපති ව්ලැඩිමීර් පුටින් මුණ ගැසීමට සූදානම් බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ ව්ලැඩිමීර් පුටින් යුක්‍රේන යුද්ධය අවසන් කිරීමට මාර්ගයක් සොයන බව තීරණය කිරීමට උනන්දුවක් තිබේ නම් පමණක් බවද එක්සත් ජනපද ජනාධිපතිවරයා පවසා ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් සඳහන් කරන්නේ

ප්‍රංශ ජනාධිපති එමානුවෙල් මැක්‍රොන් සමග එක්සත් ජනපද ජනාධිපති ජෝ බයිඩන් මාධ්‍යවේදීන් අමතමින් මේ බව අවධාරණය කර තිබෙනවා

එමෙන්ම නායකයින් දෙදෙනාම රුසියානු යුද්ධයට එරෙහිව දිගටම නැගී සිටින බවද අවධාරණය කර ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරන්නේ

Share This