යුක්‍රේන හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලට පැමිණියාද ? – රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේන හමුදා ඉදිරි ආරක්ෂක වළල්ලට පැමිණියාද ? – රුසියාවෙන් ප්‍රකාශයක්

යුක්‍රේන සොල්දාදුවන් නැගෙනහිර යුක්‍රේනයේ ඉදිරි ආරක්ෂක වළල්ලට පැමිණ ඇති බවට පළවී ඇති වාර්තා රුසියානු ආරක්ෂක අමාත්‍යාංශය ප්‍රතික්ෂේප කර තිබෙනවා

රුසියානු පාර්ශ්වයෙන් සටන් කරන වැග්නර් කුලී හේවා කණ්ඩායමේ ප්‍රධානී යෙව්ගනි ප්‍රිගොෂින්,බක්මුට් අවට ස්ථාන අත්හැර දැමූ බවට රුසියානු හමුදාවෙන් කෙරෙන චෝදනා ප්‍රතික්ෂේප කරනවා

යුක්‍රේන ජනාධිපතිවරයා මීට පෙර ප්‍රකාශ කළේ ප්‍රතිප්‍රහාරයක් ආරම්භ කිරීමට කල් වැඩි බවයි.

අපේක්ෂිත ප්‍රහාරය යුද්ධයේදී තීරණාත්මක විය හැකි බවත්, ප්‍රති ප්‍රහාරයට පෙර තම හමුදාවට තවත් උපකරණ අවශ්‍ය බවත් යුක්‍රේන ජනාධිපති Volodymyr Zelensky සඳහන් කරනවා .

කෙසේවෙතත් කියෙව්හි බොහෝ අපේක්ෂිත ප්‍රතිප්‍රහාරය ආරම්භ වී ඇති බව ක්‍රෙම්ලිනයේ රුසියානු යුද වාර්තාකරුවෙකු වන සාෂා කෝට්ස් පවසනවා

මේ අතර යුක්‍රේන හමුදා රුසියාව සතු අවි ගබඩා, අණදෙන මධ්‍යස්ථාන සහ සන්නාහ සහ කාලතුවක්කු පද්ධති වැනි ඉලක්ක වෙත ප්‍රහාර එල්ල කරමින් ප්‍රධාන ප්‍රතිප්‍රහාරයකට සූදානම් වෙමින් සිටින බව ජ්‍යෙෂ්ඨ එක්සත් ජනපද හමුදා නිලධාරියෙක් CNN පුවත් සේවය වෙත පවසා තිබෙනවා

Share This