යුක්‍රේන හමුදා ප්‍රධානියාගේ සමීපතමයෙකු උපන්දින තෑග්ගක් නිසා මරුට

යුක්‍රේන හමුදා ප්‍රධානියාගේ සමීපතමයෙකු උපන්දින තෑග්ගක් නිසා මරුට

උපන්දින තෑග්ගක් ලෙස ලබාදුන් අත්බෝම්බයක් පුපුරා යාමෙන් යුක්‍රේන සන්නද්ධ හමුදා ප්‍රධානී Valery Zaluzhny ගේ සමීපතමයෙකු මියගොස් තිබෙනවා.

39 හැවිරිදි Maj Hennadiy Chastyakov සිය සගයන්ගෙන් තෑගි රැගෙන නැවත සිය මහල් නිවාසයට පැමිණ තම පුතා සමග ඒවා විවෘත කරමින් සිටියදී අත්බෝම්බය පුපුරා ගොස් ඇති බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ

Maj Chastyakov මිය ගොස් ඇති අතර ඔහුගේ 13 හැවිරිදි පුතා බරපතල තුවාල ලබා තිබෙනවා .

පොලිසිය පවසන්නේ කියෙව්හි බටහිර තදාසන්න ප්‍රදේශයේ චයිකි හි පිහිටි පවුලේ මහල් නිවාසයේ නොසැලකිලිමත් ලෙස අත්බෝම්බය පරිහරණය කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙය සිදුව ඇති බවයි.

එමෙන්ම මහල් නිවාසයේ තවත් අත්බෝම්බ පහක් සොයාගෙන ඇති බවද සඳහන් වනවා

Share This