යුක්‍රේන හමුදාවට අමතර සොල්දාදුවන් 500,000ක් අවශ්‍යයි – යුක්‍රේන ජනපති

යුක්‍රේන හමුදාවට අමතර සොල්දාදුවන් 500,000ක් අවශ්‍යයි – යුක්‍රේන ජනපති

යුක්‍රේන හමුදාවට අමතර පුද්ගලයින් 500,000 ක් දක්වා බලමුලු ගැන්වීමට අවශ්‍ය බව ජනාධිපති Volodymyr Zelensky පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා

ඒ රුසියාව සමග යුද්ධය වසර දෙකක කාලයකට ආසන්නව තිබියදීයි.

Kyiv හි පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී යුක්‍රේන ජනාධිපතිවරයා කියා සිටියේ තම අණ දෙන නිලධාරීන් “450,000-500,000 පුද්ගලයින්” ප්‍රමාණයක් සොයමින් සිටින බවත්, මෙය සංවේදී සහ මිල අධික ප්‍රශ්නයක් බවත්ය.

දැනටමත් සොල්දාදුවන් 500,000ක් පෙරමුණේ සිටින බවට ඔහු පවසා තිබෙනවා

යුක්‍රේන ජනාධිපතිවරයා මෙය පවසා තිබෙන්නේ එක්සත් ජනපදයෙන් සහ යුරෝපා සංගමයෙන් ලැබෙන ආධාර පසුබෑම හමුවේ බවයි විදෙස් මාධ්‍ය පවසන්නේ .

මේ අතර ධවල මන්දිරයේ සහ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ නියෝජිතයින් කියා සිටියේ එක්සත් ජනපදය යුක්‍රේනයට තවත් එක් මිලිටරි ආධාර පැකේජයක් සැලසුම් කරමින් සිටින බවයි

එමෙන්ම සියලු අරමුණු සාක්ෂාත් කර ගන්නා බවට සපථ කරමින් මොස්කව් ආක්‍රමණය දිගටම කරගෙන යන බව රුසියාවේ ජනාධිපති ව්ලැඩිමීර් පුටින් පවසනවා

Share This