යුක්රේනය රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කරයි

යුක්රේනය රුසියාවට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කරයි

යුක්රේනය විසින් රුසියාවේ කර්ස්ක් කලාපයේ හමුදා කඳවුරු දෙකක් ආසන්නයට ඩ්‍රෝන ප්‍රහාර දෙකක් එල්ල කර තිබෙනවා.

එම ප්‍රහාරවලින් රුසියාවේ හමුදා නිලධාරීන් තිදෙනෙකු මියගොස් ඇති අතර ගුවන් යානා දෙකකට දැඩි අලාභ හානි සිදුව ඇති බව සඳහන්.

විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළේ සාමාන්‍යයෙන් ප්‍රහාර එල්ල කළ නොහැකි යැයි විශ්වාස කෙරෙන අදාළ කඳවුරු ඉලක්ක කර ගනිමින් යුක්රේනය මෙතෙක් රුසියාවට පහර දුන් පළමු අවස්ථාව මෙය බවයි.

කෙසේ වෙතත්, එම ඩ්‍රෝන ප්‍රහාර සම්බන්ධයෙන් යුක්ක්‍රේනය මෙතෙක් කිසිදු ප්‍රකාශයක් සිදු කර නැහැ.

 

Share This