යුක්‍රේනයට IMF ණය මුදලක් අනුමත කරයි

යුක්‍රේනයට IMF ණය මුදලක් අනුමත කරයි

රුසියාවේ ආක්‍රමණය හේතුවෙන් යුක්‍රේනයේ බිඳවැටී ඇති ආර්ථිකය යළි ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අමෙරිකා ඩොලර් බිලියන 15.6 ක ණය මුදලක් අනුමත කර තිබෙනවා.

ගෝලීය ආර්ථිකය ගොඩනැංවීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල විසින් ලොව රටවල් සඳහා වෙන් කර ඇති මුදල ඩොලර් බිලියන 115 ක් බව සඳහන්.

ඒ අනුව යුක්‍රේනය සඳහා වෙන් කළ මුදලින් අමෙරිකා ඩොලර් බිලියන 2.7 ක් ක්‍ෂණිකව ලබාදීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විධායක මණ්ඩලය තීරණය කර තිබෙනවා.

Share This