යුක්රේනයට ආයුධ සැපයීම සිදුවන හැටි

යුක්රේනයට ආයුධ සැපයීම සිදුවන හැටි

රුසියානු – යුක්රේන යුද්ධයේදී යුක්රේනයට ආයුධ සැපයීම සඳහා බටහිර රටවල් විසින් මෑතකදී භාවිතා කරන ලද ගුවන් මාර්ගයක කොටසක් පාකිස්ථානය විය හැකි බවට විදෙස් මාධ්‍ය වාර්තා පළවී තිබෙනවා.

රාවල්පින්ඩිහි නූර් ඛාන් ගුවන් කඳවුර යනු මධ්‍යධරණී මුහුදේ බ්‍රිතාන්‍ය ගුවන් කඳවුරු හරහා රුමේනියාවේ අව්‍රම් ඉයන්කු ක්ලූජ් ජාත්‍යන්තර ගුවන්තොටුපළ වෙත යුද ගුවන් යානා පියාසර කිරීම සඳහා බටහිර විසින් භාවිතා කරන ලද ගුවන් මාර්ගයේ කොටසකි.

මෙම ගුවන් මාර්ගය ඉරානය සහ ඇෆ්ගනිස්තාන ගුවන් සීමාව මග හැර ඇති අතර අගෝස්තු 6 සිට 15 දක්වා කාලය තුළ මෙම බටහිර ආසියාතික ගුවන් අවකාශය ආයුධ ගෙනයාමට භාවිතා කළ බවයි විදෙස් මාධ්‍ය සඳහන් කරන්නේ.

මෙහිදී, ආයුධ ගෙනයාම සඳහා ග්ලෝබ්මාස්ටර් ගුවන් යානා භාවිතා කළ බව වාර්තාවෙනවා.

බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට අයත් C-17A Globemaster III පාකිස්ථාන ගුවන් මාර්ගය භාවිතයෙන් ඉහත සඳහන් කාල සීමාව අතර දෛනික ගුවන් ගමන් සඳහා භාවිතා කර ඇති බව සඳහන්.

ඇතැම් වාර්තා පවසන්නේ මෙහිදී යුක්රේන හමුදාව සඳහා කාලතුවක්කු උණ්ඩ ප්‍රවාහනය කර ඇති බවයි. පෙබරවාරියේ යුද්ධයේ ආරම්භයේ සිට බටහිර රටවල් යුක්රේනයට ආයුධවලින් සහාය දක්වනු ලබනවා.

Share This