යුක්රේනයට තවත් මානුෂීය ආධාර තොගයක්
පවතින යුක්රේන-රුසියා යුද්ධය මධ්‍යයේ ඉන්දියාව පසුගියදා යුක්රේනයට අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඇතුළත් මානුෂීය ආධාර කිලෝග්‍රෑම් 7,725 ක් භාර දී තිබෙනවා.
යුක්රේනය සඳහා අලුතින් පත් කරන ලද ඉන්දීය තානාපති හර්ෂ් කුමාර් ජේන් විසින් අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණ ඇතුළත් මානුෂීය ආධාර කිලෝග්‍රෑම් 7,725 ක් යුක්රේනයේ නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය එච්.ඊ ඔලෙක්සි යාරමෙන්කෝ වෙත භාර දුන් බව යුක්රේනයේ ඉන්දීය තානාපති කාර්යාලය නිවේදනය කළා.
ඉන්දියාව පසුගිය මාර්තු 1 වැනිදා ද යුක්රේනයට මානුෂීය ආධාර පරිත්‍යාග කළ අතර එය කූඩාරම්, බ්ලැන්කට්, ශල්‍ය අත්වැසුම්, ආරක්ෂිත අක්ෂි ආම්පන්න, ජල ගබඩා ටැංකි, පැදුරු සහ ඖෂධ ඇතුළු උපකරණවලින් සමන්විත වුණා.
අනතුරැව මාර්තු 9 වනදා ද රුමේනියාව හරහා තවත් මානුෂීය ආධාර තොගයක් යුක්රේනය වෙත යැවීමටයි ඉන්දියාව කටයුතු කළේ.
ඒ අනුව මාර්තු මාසයේදී ඉන්දියාව යුක්රේනයට සහන ද්‍රව්‍ය ටොන් 90 ක් ලබා දී ඇති අතර ඉන්දියාව යුක්රේනයට තවත් ඖෂධ සැපයීම කෙරෙහි අවධානය යොමු කර ඇති බව විදේශ කටයුතු අමාත්‍ය ආචාර්ය එස් ජයශංකර් ප්‍රකාශ කළා.