යුක්‍රේනයට දැඩි ප්‍රහාර එල්ලවීමේ අවදානමක්

යුක්‍රේනයට දැඩි ප්‍රහාර එල්ලවීමේ අවදානමක්

ආක්‍රමණයේ සංවත්සරයට සමගාමීව රුසියානු මිසයිල ප්‍රහාර එල්ල කිරීමට ඉඩ ඇතැයි ආරක්ෂක ඔත්තු සේවා විසින් යුක්‍රේනයට දන්වා ඇති බව විදෙස් මාධ්‍ය සඳහන් කරනවා

මේ අතර රුසියාව විසින් යුක්‍රේනය ආක්‍රමණය කිරීම හෙළා දකිමින් හැකි ඉක්මනින් සාමය ඇති කරන ලෙස ඉල්ලා සිටින යෝජනාවක් එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් සම්මත කරනු ඇතැයි අපේක්ෂා කෙරෙන බවද විදෙස් මාධ්‍ය සඳහන් කර තිබෙනවා.

මේ අතර ගත වූ පැය 24 තුළ රුසියානු හමුදා සාමාජිකයන් 790 ක් පමණ මිය ගිය බව යුක්‍රේනය සඳහන් කරනවා.

එමෙන්ම Kupyansk, Lyman, Bakhmut, Avdiivka සහ Shakhtarsk.යන ප්‍රදේශවල රුසියානු ප්‍රහාර 90 ක් පමණ මැඩපවත්වා ඇති බව ද යුක්‍රේන ආරක්ෂක හමුදා පවසා තිබෙනවා.

එක්සත් රාජධානියේ ආරක්ෂක අමාත්‍යාංශය (MoD) ප්‍රකාශ කර ඇත්තේ නැගෙනහිර යුක්‍රේන නගරයක් වන Vuhledar හි රුසියාව තවත් ප්‍රහාරයක් සඳහා සූදානම් වන බවට වාර්තා පවතින බවයි.

ස්පාඤ්ඤ අගමැති Pedro Sánchez අද(23) Kyiv හිදී යුක්‍රේන නායකයින් හමුවී ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා

යුරෝපයට සාමය නැවත පැමිණෙන තුරු යුක්‍රේනයේ ජනතාව සමග සිටින බවත් යුද ප්‍රයත්නයට සහායවීම සඳහා ජර්මනියේ නිෂ්පාදිත Leopard 2 යුද ටැංකි හයක් යුක්‍රේනයට යැවීමට ස්පාඤ්ඤ රජය පොරොන්දු වී ඇති බවත් විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

Share This