යුක්‍රේනයට ප්‍රහාරක ජෙට් යානා යවන්නේ නැති බව ජර්මානු චාන්සලර්වරයා පවසයි -විදෙස් මාධ්‍ය

යුක්‍රේනයට ප්‍රහාරක ජෙට් යානා යවන්නේ නැති බව ජර්මානු චාන්සලර්වරයා පවසයි -විදෙස් මාධ්‍ය

යුක්‍රේනයට ප්‍රහාරක ජෙට් යානා යවන්නේ නැති බව ජර්මානු චාන්සලර්වරයා පවසා ඇති බව විදෙස් මාධ්‍ය පවසනවා.

ජර්මානු චාන්සලර්වරයා යුක්‍රේනයට ප්‍රහාරක ජෙට් යානා යැවීම ප්‍රතික්ෂේප කර ඇත්තේ යුද ටැංකි සපයන බව පැවසීමෙන් දින කිහිපයකට පසුව බවද විදෙස් මාධ්‍ය පවසනවා.

කෙසේවෙතත් යුක්‍රේනය මිත්‍ර රටවල ජාතීන්ගෙන් ඉල්ලා ඇත්තේ ඔවුන්ගේ හැකියාවන් ඉහළ නැංවීම සඳහා ප්‍රහාරක ජෙට් සන්ධානයක් නිර්මාණය කරන ලෙසයි.

මේ අතර Kyiv සමග ජෙට් යානා සැපයීමේ අදහස සාකච්ඡා කරන බව එක්සත් ජනපදය පවසා තිබෙනවා .

බදාදා(01)වනවිට ජර්මනිය සිය Leopard 2 ටැංකි 14ක් යුක්‍රේනයට සැපයීමට පොරොන්දු වී ඇති බවද විදෙස් මාධ්‍ය පවසනවා.

යුද ටැංකි යවන බව ජර්මනියේ පැවසීමෙන් පසුව, එක්සත් ජනපදය පවසා තිබෙන්නේ යුක්‍රේනයට ඔවුන්ගේ M1 ඒබ්‍රම් ටැංකි ලබා දෙන බවයි.

Share This