යුක්‍රේනයට යළි බක්මුට් භූමිය හිමි වෙයි

යුක්‍රේනයට යළි බක්මුට් භූමිය හිමි වෙයි

රුසියාව ප්‍රතික්ෂේප කිරීමෙන් පසු යළිත් යුක්‍රේනයට බක්මුට් නගරය අවට භූමි ප්‍රමාණයක් හිමිව තිබෙනවා.

කෙසේ වෙතත් යුක්‍රේනය පැවසුවේ තමන් බක්මුට් හි භූමිය යළිත් අත්පත් කර ගත් බවයි

යුක්‍රේන හමුදා බක්මුට් හි කිලෝමීටර 2 ක ප්‍රමාණයක් අත්පත් කර ගෙන ඇති බව යුද අධ්‍යයනය සඳහා වූ ආයතනය සඳහන් කර තිබෙනවා.

එමෙන්ම යුක්‍රේන ගුවන් හමුදාව ඊයේ (11) රුසියානු හමුදාවන්ට සහ හමුදා උපකරණවලට ප්‍රහාර 14ක් එල්ල කළ බව ද යුක්‍රේනයේ සන්නද්ධ හමුදා ප්‍රකාශ කළා

ගුවන් ප්‍රහාරවලට අමතරව යුක්‍රේනය පැවසුවේ රුසියානු ඩ්‍රෝන යානා නවයක් විනාශ කළ බවත් කාලතුවක්කු ඒකක, පතොරම් ගබඩාවක් සහ ගුවන් ආරක්ෂක උපකරණ ඇතුළු හමුදා ඉලක්ක ගණනාවකට සාර්ථකව ප්‍රහාර එල්ල කළ බවයි.

කෙසේ වෙතත් යුක්‍රේන ප්‍රහාර කිහිපයක් නැවැත්වූ බව රුසියාවේ ආරක්ෂක අමාත්‍යාංශය පැවසු බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කළා

Share This